Social Icons

Pages

Friday 29 July 2016

ලෝක වාර්ථා පිහිටුවමින් අපූරු ගුවන් යානයක් ලොව වටා යයි (video)

පසුගිය මාර්තු මාසයේ Solar Impulse 2 නමින් හැඳින්වෙන වෙනස් ආකාරයේ ගුවන් යානයක් අබුඩාබි නගරයෙන් ගුවන් ගත වුනා. ඊයේ දිනයේදී එම යානය ලොව වටා කිලෝ මීටර් 40 000කට අධික ගමන් පථයක ගමන් කරමින් නැවත අබුඩාබි නගරයට ගොඩබැස්සේ ඉන්ධන බිඳුවක්වත් වැය නොකරමින්. ඒ අනුව සූර්ය බලයෙන් ධාවනය වෙමින් ගුවන් නියමුවන් සහිතව ලොව වටා ගමන් ගත් ලොව ප්‍රථම ගුවන් යානය බවට පත්වීමට Solar Impulse 2 යානය සමත් වුනා.
බරින් මෝටර් රථයක බරට සමානවූත් ප්‍රමාණයෙන් බොයිං 747 යානයක ප්‍රමාණයට සමානවූත් මේ යානයේ නියමුවන් වූයේ Bertrand Piccard සහ Andre Borschberg. අධික තාපය නිසා යානයේ බැටරියේ සිදුවූ දෝෂයක් නිසාවෙන් ගොඩබැස්සවීම තරමක් ප්‍රමාද වූවත්, මේ ගුවන් ගමන ඉදිරි අනාගතයේ ප්‍රවාහන ක්ෂේත්‍රෙය් නවතම පරිච්ඡේදයක ආරම්භය විය හැකියි.

Solar Impulse 2 යානය


No comments:

Post a Comment

 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates