Social Icons

Pages

Tuesday 13 September 2016

සුරූපී ගුවන් සේවිකාවකගේ හද සසල කරවන නොඇසූ කතාවක්! (ඡායාරූප සහිතයි)

1963 සැප්තැම්බර් මස ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ චන්දිගර්හිදී නීර්ජා භානොට් නමින් දියණියක් උපත ලැබුවාය. හරිෂ් භානොට් හා රාමා භානොට් ඇගේ දෙමව්පියන් වූවාය.
ඇගේ ප‍්‍රථමික අධ්‍යාපනයෙන් පසු නීර්ජා ඇතුලූ‍ පවුලේ සියලූ‍ දෙනාම මුම්බායට පැමිණෙන්නේ ඇයගේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට හා නීර්ජාගේ පියා වන හරිෂ් භානොට්ගේ රැකියා කටයුතු සදහායි.
නිරුපිකාවක් ලෙස ඇය මෝස්‌තර නිරූපන ක්ෂේත‍්‍රයට පිවිසෙන අතර හරිෂ් භානොට් ඉන්දියානු පුවත් පතක කතුවරයෙකු ලෙස සේවයට එක්විය.

Sunday 11 September 2016

කෝටි 38ක් අන්තර්ජාලයෙන් නැරඹූ සිංදුව

















සනී නිව්යෝර්ක් ගිහින් කළ වැඩ මෙන්න (වීඩියෝ)

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන් පසුගිය දා නිව් යෝර්ක් නගරය බලා ගියා.
ඒ ඇගේ ජිවිතයේ සිහිනයක් සැබෑ කරගන්න කියලයි කියලා තිබුණේ.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන ලොව අතිශය ප්‍රසිද්ධ NEWYORK FASHION WEEK විලාසිතා දැක්මට සහභාගී වීම නිරුපන ක්ෂේත්‍රයේ සහ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනාගේ සිහිනයක්.
ඉතින් ඒ සඳහා සහභාගී වෙන්න සනී ලියෝන්ටත් ලැබුණ ආරාධනාවකට අනුව තමයි ගිහින් තියෙන්නේ.
ඇයගේ පළමු විලාසිතා දැක්මට පසුගිය 8 වනදා සහභාගී වුණා. ඇගේ ඇදුම් විලාසිතාව බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණා කියලා වාර්තා වනවා.
සනීගේ ඇඳුම් විලාසිතා නිර්මාණය කරලා තියෙන්නේ ජනප්‍රිය ඉන්දීය ඇඳුම් විලාසිතා ශිල්පී අර්චනා කක්කර් විසින්
ඇය මීට පෙර කිසිදු විදෙස් රටක හෝ ඉන්දියාවේ විලාසිතා දැක්මට පෙනී නොසිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
NEWYORK FASHION WEEK විලාසිතා උත්සවය මේ මස 15 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
සනී ලියෝන්ගේ පළමු විලාසිතා දැක්ම ඉදිරිපත් කළ අවස්ථාවේ දර්ශන පහතින්.








දරුවාද සිටි කාර් එකේ කුඩු ගසා මත්වූ දෙමාපියන් (ඡායාරූප)

ඇමරිකාවේ ඔහියෝ පොලිසිය මහජනතාවගේ අවධානය පිණිස ප‍්‍රචාරය කර හරින ලද ඡායාරූප කිහිපයක් මේ වනවිට එරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෑතක වාහනයක සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ යුවළක් අධික මාත‍්‍රාවෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බව අනාවරණය වී තිබුණි.
එසේ ඔවුන් අල්ලාගන්නා අවස්ථාවේ එම වාහනයේ මේ කිසිවක් තේරුම් ගන්නට බැරිව සිටි ඔවුනගේ දරුවෙකුද පසුපස ආසනයක සිට ඇත.
මෙම ඡායාරූප ප‍්‍රසිද්ධ කරමින් පොලිසිය දන්වා ඇත්තේ
දරුවන් සමග මෙවැනි පාපකර්මයන් නොයෙදෙන ලෙස අවවාදයකි.






පිළිකාවෙන් මැරෙන්න කලින් මාළු බාන්න ඕනෑයි කී සීයාගේ පැතුම ඉටුවේ

පිළිකා රෝගයට ගොදුරුවී මරණාසන්නව සිටි පුද්ගලයෙකු සිය ජීවිතයේ අවසානයට පෙර මාළු බෑමේ 
ක‍්‍රියාවක නිරතවන්නට ආසා යයි දැන්වීමෙන් පසු ඔහුට ප‍්‍රතිකාර කරමින් සිටි 

රෝහලේ කාර්ය මණ්ඩලයේ අය එක්වී අසාධ්‍යව ඇඳේ වැතිර සිටි ඔහුව පාලමක් අසළට ගෙනගොස් එම ක‍්‍රියාවේ යෙදවූ සිදුවීමක් ඇමරිකාවේ ජෝර්ජියා ජනපදයෙන් වාර්තා වෙනවා.


69 හැවිරිදි වියෙහි පසුවූ කොනී විල්හයිට් නමැති ඔහු ඇමරිකාවේ නමගිය නාවික නිලධාරියෙකි. ඔහු වෙනුවෙන් අවසන් කැමැත්ත ඉටු කළේ ජෝර්ජියාවේ ඩබ්ලින්හි වීඒ මෙඩිකල් සෙන්ටර් කාර්ය මණ්ඩලයයි.
මෙම ක්‍රියාව සිදු කර දින කිහිපයකින් කොනී විල්හයිට් මියගොස් තිබුනා.

ඇසිඞ් පහරකා ඇසක් අහිමිවූවත් අධෛර්ය නොවූ නිරූපිකාව සනී සමග විලාසිතා ප‍්‍රදර්ශනේ

ඉන්දියාවේ මින් වසර දෙකකට පමණ පෙර ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ සුරූපී රෙෂ්මා බානෝ 
නිරූපිකාව ඇසිඞ් පහර කා ඇසක් අහිමිකරගැනීමේ සිදුවීමෙන් පසුව ඇය විලාසිතා ප‍්‍රදර්ශනයක නැවත පෙනී සිටීමේ විරල අවස්ථාව ඊයේ වාර්තා වුණා.
ලෝක ප‍්‍රසිද්ධ නිව්යෝර්ක් ෆැෂන් වීක් ප‍්‍රදර්ශනය සඳහා ඇයව නැවතත් තෝරාගෙන තිබුණි. ඒ සඳහා ඇයට ඇගේ ඇසිඞ් තුවාල බාධාවක් වූයේ නැති අතර ඇය සුපිරි නිළි සනී ලියොන් සමග කරට කර සිටිමින් සිය විලාසිතා ඉදිරිපත් කළා.

පෙම් පළහිලව්වක් පදනම් කරගෙන රෙෂ්මා බානෝට ඇසිඞ් පහර කන්නට සිදුවූයේ සිය ඥාතී සහෝදරයෙකු හා ඔහුගේ මිතුරෙකු නිසාය.
එම සිදුවීමෙන් පසුවත් ඇය තමන්ට අහිමිවූ දෑ නිසා ධෛර්යය අත්නොහැර සිය නිරූපණ කලාවේ තවත් ඉදිරියට ගමන් කිරීම අගය කරමින් ඉන්දීය මාධ්‍ය මේ ගැන වාර්තා පළකර තිබේ.













 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates