Social Icons

Pages

Sunday 11 September 2016

සනී නිව්යෝර්ක් ගිහින් කළ වැඩ මෙන්න (වීඩියෝ)

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන් පසුගිය දා නිව් යෝර්ක් නගරය බලා ගියා.
ඒ ඇගේ ජිවිතයේ සිහිනයක් සැබෑ කරගන්න කියලයි කියලා තිබුණේ.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන ලොව අතිශය ප්‍රසිද්ධ NEWYORK FASHION WEEK විලාසිතා දැක්මට සහභාගී වීම නිරුපන ක්ෂේත්‍රයේ සහ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනාගේ සිහිනයක්.
ඉතින් ඒ සඳහා සහභාගී වෙන්න සනී ලියෝන්ටත් ලැබුණ ආරාධනාවකට අනුව තමයි ගිහින් තියෙන්නේ.
ඇයගේ පළමු විලාසිතා දැක්මට පසුගිය 8 වනදා සහභාගී වුණා. ඇගේ ඇදුම් විලාසිතාව බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණා කියලා වාර්තා වනවා.
සනීගේ ඇඳුම් විලාසිතා නිර්මාණය කරලා තියෙන්නේ ජනප්‍රිය ඉන්දීය ඇඳුම් විලාසිතා ශිල්පී අර්චනා කක්කර් විසින්
ඇය මීට පෙර කිසිදු විදෙස් රටක හෝ ඉන්දියාවේ විලාසිතා දැක්මට පෙනී නොසිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
NEWYORK FASHION WEEK විලාසිතා උත්සවය මේ මස 15 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
සනී ලියෝන්ගේ පළමු විලාසිතා දැක්ම ඉදිරිපත් කළ අවස්ථාවේ දර්ශන පහතින්.








No comments:

Post a Comment

 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates